The Official E-Newsletter of the Institution of Engineers Sri Lanka   |  Issue 49 - December 2020


ගලායන ගඟක්මය ජීවිතය....

By ඉංජිනේරු සුරංග ලේකම්වසම්

ගඟක ලස්සන
නැමි නැමී ගලන එක
බාධක ගල් පර මතින්
පෙණ විසුරුවන් වැටෙන එක.....
ඒත් කවුරුන් නම් දනීවිද
ගඟක් ආ මග, දැරූ දුක් ගඟ....
ඇස් පුරෝගෙන ඔහේ ගැලුවට
හිත් අස්සෙ නම් මහා තනිකම......
හාදු දුන් කුබුක් අතු
මල් තිලිණ කල නෙක තුරු
දුක සැප නිතරම ඇසූ දෙ ඉවුරු
අතැර යන එක තමයි අපහසු....
පාලුවෙන් හරි හෙමින්
වේගයෙන් සැඩ වෙමින් තරහෙන්
වැටී රිදෙමින් වාවමින්
ගලා යමි ඇරඹුන නිසාවෙන්........
මුව දොරට ඇවිදින්
ගෙනා ජල කද තෑගි ලෙස දෙම්
කරදියෙන් සැගවෙම්
ගං දියද කරදියට පවරම්......
ඇරඹුනට ලස්සනම තැනකින්
මුවදොරට අවසාන අයිතින්.......


Eng. Suranga Lekamwasam

Suranga Lekamwasam is a chartered Building Services engineer, practicing the Design & Consultancy for more than 14 years. Resource person & a lecturer for CPDs in IESL & has served many professional review panels in IESL. A visiting lecturer for city school of architects, CETRAC and many more institutions for building services engineering related subjects.

 

Facebook Twitter LinkedIn Email Print